Header Ads

ලාංකිකයන්ට යන්න පවා තහනම් වූ , ඉරණවිල ‘ඇමරිකානු හඬ’ ගුවන් විදුලිය වසා දැමෙයි

වසර 23 ක්‌ තිස්‌සේ හලාවත ඉරණවිල ක්‍රියාත්මක වූ ඇමරිකානු හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථාන ඉඩමට අදාළ බදු ගිවිසුම අවලංගු කොට එම ඉඩම හා දේපල නැවත රජයට පවරා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අක්‌කර 920 ක භූමි ප්‍රමාණයකින් යුත් මේ මධ්‍යස්‌ථානයට දැඩි ලෙස රැකවල් දමා තිබූ අතර, ශ්‍රී ලාංකිකයන්ට එම ප්‍රදේශය තහනම් කලාපයක්‌ විය.

තානාපති වරප්‍රසාද යටතේ ආරක්‍ෂක හමුදාවට සහ පොලිසියට ද එම මධ්‍යස්‌ථානය වෙත ඇතුළුවීම තහනම් වී තිබිණි.

මුළු අග්නිදිග ආසියාවට “ඇමරිකානු හඬ” ‘වොයිස්‌ ඔf ඇමරිකා’ ගුවන් විදුලි සේවාව විසුරුවා හරින ලද්දේ ඉරණවිල සිටය.
Powered by Blogger.