Header Ads

මන්ත‍්‍රී විදුර තීරණය වෙනස් කරයි

මන්ත‍්‍රී ධුරය අත්හැරීමට ගෙන තිබූ තීරණය පාක්ෂිකයින්ගේ බලවත් ඉල්ලීම හේතුවෙන් හකුලාගත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක පවසනවා.

තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බවට විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙරයි.

ඒ පිළිබඳ තීරණයක් ගැනීමට මන්ත‍්‍රීවරයා විසින් අද (21) හොරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය කැඳවා තිබුණා. ‍

එහිදී ඔහු සඳහන් කළේ පවතින දේශපාලන ක‍්‍රමය පිළිබඳ තමන් කලකිරීමෙන් පසුවන බැවින් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වීමට අදහස් කරන බවයි.

ඒ පිළිබඳ පාක්ෂිකයින්ගේ මතය විමසූ අවස්ථාවේ ඔවුන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ අනුව පාක්ෂිකයින්ගේ මතයට ගරු කරමින් සිය තීරණය වෙනස් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.

පවතින දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමට බලපෑම් කළ හැකි බලවේගයක් ඉදිරියේදී නිර්මාණය කරන බවද විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Powered by Blogger.