Header Ads

කාලගුණය නොතකන තේ ප්‍රභේදයක් හමුවෙයි

කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන ඵලදායිතාවයෙන් ඉහළ නව තේ ප්‍රභේදයක් සොයාගෙන ඇති බව තලවකැලේ තේ පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය අයි.එස්.බී අබේසිංහ මහතා කියා සිටියේ වියළි කාලගුණ තත්ත්වයන්ට පවා ඔරොත්තුදීමේ හැකියාවක් මෙම නව තේ ප්‍රභේදයට පවතින බවයි.

ටි.ආර්.අයි. 5000 කාණ්ඩය ලෙස මෙම තේ ප්‍රභේදය නම් කර තිබේ.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර 92ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනිදා පැවැත්වෙන උත්සවයකදී මෙම නව තේ ප්‍රභේදය නිකුත් කිරීමට කටයුතු කරන බව තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය අයි.එස්.බී අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Powered by Blogger.