Header Ads

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අද(27) රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම වැසි සහිත තත්ත්වය එළැඹෙන 28දා තෙක් අපේක්ෂා කරන බවත්, උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

සවස් කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි ‍‍හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වාර්තා වෙයි.

විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Powered by Blogger.