Header Ads

ඛනිජ තෙල් සංස්ථා සභාපතිගේ කාර්යාලයට මුද්‍රා තැබේ

වහාම ක‍්‍රියාත්මකවන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්තාවේ සභාපතිවරයාගේ නිළ කාර්යාලයට මුද්‍රා තබා තිබෙනවා. ඒ, අදාළ කාර්යාලයේ තිබූ හිටපු සභාපතිවරයාට අයත් ලිපි ලේඛන කිහිපයක් සහ පරිගණක දත්ත අතරුදන් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ නදුන් ප‍්‍රනාන්දු පත් කෙරුණේ ඉකුත් සිකුරාදායි. කෙසේ වෙතත් ඉකුත් සෙනසුරාදා දින හිටපු සභාපතිවරයාගේ හිතවතුන් පිරිසක් අදාළ කාර්යාලයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

ඒ සමගම එහි තිබූ කිසියම් ලේඛන කිහිපයක් සහ පරිගණක දත්තද ඔවුන් විසින් රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව පාලනාධිකාරියේ නියෝග මත සභාපතිවරයාගේ නිළ කාර්යාලයට මුද්‍රා තැබුණා.

නව සභාපති ලෙස පත් කෙරුණු නීතිඥ නදුන් ප‍්‍රනාන්දු ඊයේ (30) වැඩ භාර ගැනිමට නියමිතව තිබුණ ද මේ හේතුවෙන් එයද කල් දැමීමට සිදුවු බවයි වාර්තාවන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක‍්‍රියාත්මකයි.
Powered by Blogger.