Header Ads

මොරගහකන්දෙන් ඉවත් නොවූ පවුල් 2ක් බේරා ගනියි

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් සහ වන්දි නොලැබීම නිසා නාඋල - කඹරය ගම්මානයෙන් ඉවත් නොවී සිටි පවුල් දෙකකට අයත් පුද්ගලයන් තිදෙනෙකු මුදාගෙන තිබේ.

ජලයෙන් යටවී, සිර වී සිටියදී ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් අද(26)සිදුකළ බව නාඋල ප‍්‍රාදේශීය ලේකම් නිශාන්ත කරුණාතිලක මහතා පවසයි.

මේ දිනවල ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් අඹන්ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඊයේ (25) දින සිට කඹරව ගම්මානය ජලයෙන් යටවෙමින් පවතියි.

මේ හේතුවෙන් ගම්මානයේ පිවිසුම් මාර්ග සියල්ලද ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් නිසා වන්දි අහිමිවූ පවුල් දෙකක පුද්ගලයන් තිදෙනෙකු සහ ගස් කැපීම සඳහා ගම්මානයේ රැඳී සිටි පුද්ගලයන් අට දෙනෙකු කඹරව ගම්මානයේ සිරවී සිටියේය.

මේ අතර මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමද ඊයේ දිනය වනවිට ඉහළ ගොස් ඇති බව දැකගැනීමට හැකි වූ අතර, මේ වනවිට පදිංචිය අතහැර ගිය ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති අයුරුද දැකගත හැකි බව අද දෙරණ වාර්තාකරු පවසයි.
Powered by Blogger.