Header Ads

ඉදිරි දින කීපය ඇතුළත ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක්‌

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි දින කීපය තුළදී තීරණාත්මක ප්‍රකාශයක්‌ ජනතාව හමුවේ තබන බව ද ජනතාව බලාපොරොත්තුවෙන් සිටි අපේක්‍ෂාවන් එම ප්‍රකාශයෙන් ඉටුවන බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පෙරේදා (21 දා) කළුතරදී පැවසීය.

කළුතර දිසා ලේකම් කාර්යාලයේදී පිත්තල පහන් පූජා කිරීම හා ක්‍රීඩා සංගම්වලට භාණ්‌ඩ ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති මෙම රැස්‌වීම අමතා ඇමැතිවරයා මෙසේ ද කීය.

ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු රට සංවර්ධනය කිරීමට පටන්ගත්තා. රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කළා. ගෑස්‌ මිල, ඉන්ධන මිල අඩු කළා. ඖෂධ මිල අඩු කළා.

රෝගීන්ගේ රුධිර පරීක්‍ෂණ සියල්ල රජයේ රෝහල්වලදී නොමිලේ පරීක්‍ෂා කිරීමට පහසුකම් ලබාදී ඇතැයි ද අක්‍ෂි කාච නෙමිලේ රෝගීන්ට ලබාදීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය. කළුතර විහාරස්‌ථානවල විහාරාධිපතිවරු, රාජ්‍ය නිලධාරීහු ද මෙම උත්සවයට සහභාගි වූහ.
Powered by Blogger.