Header Ads

පෙම්වතා එක්ක බෝට්ටු සවාරියක් ගිය පෙම්වතිය නුවර වැව මැද්දෙදි වැවට පැනලා කරගත්තු දෙයක්

තම පෙම්වතා එක්ක මහනුවර වැවේ බෝට්ටු සවාරියක් ගිය තරුණියක් හදිසියේම වැව මැදදී බෝට්ටුවෙන් පැනලා තියෙනවා.

ඊට පස්සේ බෝට්ටු ක්‍රියාකරු හා පෙම්වතා එක්ව ඇයව බේරාගෙන මහනුවර මහ රෝහලට ඇතුළත් කරලා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඊයේ (16) දවල් 1 විතර.

22 හැවිරිදි මේ තරුණිය පරගම්මන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ තරුණිය තමන්ගේ පෙම්වතා එක්ක ඊයේ පෙරවරුවේ මහනුවරට ඇවිත් තියෙනවා.

තරුණිය වෙනත් තරුණයෙක් එක්ක සම්බන්ධයක් පවත්වන බව හෙළිවීම නිසා ඇය හා පෙම්වතා එක්ක කාලයක් අමනාප තත්ත්වයක් ඇතිවෙල තිබිලා තියෙනවා.

එය සමතයකට පත්වුනාට පස්සේ දෙදෙනා මහනුවර ඇවිත් තියෙන්නේ.

ඊට පස්සේ මේ තරුණිය මහනුවර වැවේ බෝට්ටු සවාරියක් යන්නට යෝජනා කරලා. තමන්ගේ අතේ සල්ලි නැති බව විසිතුන් හැවිරිදි තරුණයා ඒ වෙලාවේ කියලා තියෙනවා.

පස්සේ තරුණිය තමන් සතු මුදල් වලින් බෝට්ටු සවාරියක් යන්නට පියවර අරන් තියෙනවා.

දෙන්නම ජීවිත ආරක්ෂක කබා පැළද බෝට්ටුවේ නැගී වැව මැදට ආවට පස්සේ තරුණිය මෙහෙම ජීවිත්ව පලක් නැහැ කියා වැවට පනිමු යැයි තරුණයාට යෝජනා කරලා. තරුණයා ඒක ප්‍රතික්ෂේප කිරීමත් එක්ක තරුණිය වැවට පැනලා තියෙන්නේ.

ඒත් ජීවිත ආරක්ෂක කබායක් පැළද සිටීම නිසා දියේ ගිලී යළි මතුවුන තරුණිය බෝට්ටු ක්‍රියාකරු හා පෙම්වතා එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට රැගෙන විත් තියෙනවා.

ගොඩට ගෙනෙන අතරතුර ද තරුණිය වැවට පනින්නට උත්සාහ කළා කියලයි තරුණයා පොලීසියට කියලා තියෙන්නේ.

වැවේ ජලයේ ගිලීමෙන් රෝගී වුන තරුණිය ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තියෙනවා.
Powered by Blogger.