Header Ads

සැත්කමකින් පසුව තරුණියකගේ උදරයෙන් එළියට ගත් භයානක සතුන්

තරුණියකගේ උදරයෙන් පණුවන් 120ට අධික ප්‍රමාණයක් එළියට ගැනීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙලස පණුවන් එළියට අරන් තියෙන්නේ වයස අවුරුදු 22ක තරුණියකගේ උදරයෙන් බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කේ.ජී. නන්දා රෝහල තුළ තමයි මේ සැත්කම කරලා තියෙන්නේ.

අදාළ තරුණියට සැත්කම කිරීමට පෙර ඇයගේ උදරයේ දැඩි වේදනාවක් ඇතිවෙලා තියෙනවා.

නමුත් ඒ සඳහා හේතුව කුමක්ද කියලා ඇයට තේරිලා නැහැ.

මේ හේතුවෙන් ඇය උදරයේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණ තිබෙනවා.

අදාළ තරුණිය වෛද්‍යවරු විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇය සැත්කමකට ලක් කරලා තියෙනවා.

මේ සැත්කමට පැය 04ට අධික කාලයක් ගතවී තිබෙනවා.

එම සැත්කමින් පසුව වෛද්‍යවරු විසින් ඇයගේ උදරයෙන් පණුවන් 120කට අධික ප්‍රමාණයක් එළියට ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.




Powered by Blogger.