Header Ads

මැතිවරණය පවත්වන්න කිසිම බාධාවක් නෑ

කේවල ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මගින් ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා වන බව මව්බිම ජනතා පක්ෂය පවසයි.

එම පක්ෂයේ නායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පෙන්වාදෙන්නේ එමගින් ජනතාව අපේක්ෂා කරන නියෝජිතයෙකු පාර්ලිමේන්තුව සඳහා පත් කරගත හැකි වනු ඇති බවයි.

වර්තමානයේදී මැතිවරණය පැවැත්වීමට කිසිඳු බාධාවක් නොමැති බවද හේමකුමාර නානායක්කාර මහතා සමඟ අදහස් දක්වමින් පවසා සිටියේය.

මැතිවරණය කල් දැමීම කිසිසේත් අනුමත නොකරන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
Powered by Blogger.