Header Ads

කෝටිපතියාගේ කෝටියකට වැඩි මුදලක් අහුලා දුන් සිතින් කෝටිපතියා…

පිස්තෝලයක්, පතරොම් 25ක්, ක්‍රෙඩිට් කාඩ්පත්, රුපියල් ලක්‍ෂ 100කට වැඩි වටිනා චෙක්පත් තොගයක් සහිත කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑගයක් ඇල්ල රාවණා දිය ඇල්ල අසල මාර්ගයේ ගලක් මත අමතක වී දමාගොස් තිබියදී ඇල්ල පහළ ඇල්ලේ හත්වංගුව ඩී.එම්. විජේසේකර විසින් ඇල්ල පොලිසියට පෙරේදා (15දා) ගෙනවිත් භාරදුන් බව පොලිසිය පවසනවා.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන පියතිස්ස රූනගේ නුවරඑළිය බලා සිය කැබ් රථයේ ගමන් කරමින් සිටියදී හදිසියේ කැබ් රථය ආපදාවකට ලක්වී රාවණා දිය ඇල්ල අසල නවතා ඇති අවස්ථාවේ ඔහු මෙම වටිනා බෑගය ගෙන අසල ගලක් මත තබා කැබ් රථය සාදාගෙන ගොස් ඇති අතර එහිදි බෑගය ගෙන යාමට ඔහුට අමතක වී තිබෙනවා.

පසුව අදාල බෑගය කෝටිපති ව්‍යාපාරිකයාට භාර දී තිබෙනවා.
Powered by Blogger.