Header Ads

සමූහ දූෂණයක් ෆේස්බුක් පිටුවක් හරහා සජීවීව විකාශය කළ තරුණයන් තිදෙනෙකුට වෙච්ච දේ

ස්වීඩන ජාතික කාන්තාවක් සමූහ දූෂණයට ලක්කළ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ තරුණයන් තිදෙනෙකු එම සිදුවීම ෆේස්බුක් ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

60000 ක පමණ පිරිසක් සිටින ෆේස්බුක් පිටුවක මෙම වීඩියෝව මුදාහැර තිබෙනවා.

අදාල තරුණයින් තිදෙනා මෙම සමූහ දූෂණය ආරම්භයේ සිට අවසානය තෙක් වීඩියෝව සජීවීව විකාශය කර තිබුණ අතර පසුව එම සිදුවීම ගැන තිදෙනා එක්ව කරන විනෝද සාකච්ඡාවක්ද විකාශය කර තිබෙනවා.

එම වීඩියෝව දුටු 21 හැවිරිදි තරුණියක් මේ ගැන පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයේදීම අදාල තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



Powered by Blogger.