Header Ads

බෙබා වෙන්න ගහලා පොලීසියට ආව කාන්තාවක් රෙදි ඉරාගෙන, ඔළුව පළාගෙන පොලිස් නිලධාරියෙකුත් සපා කාලා

මත්පැන් පානය කොට අධික ලෙස වෙරි වූ කාන්තාවක් ගල්ගමුව පොලිස්ථානයට පැමිණ එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී අත සපා කා තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ ගල්ගමුව පොලිස්ථානයෙන්.
පසුගිය 23 වන දා සවස් කාලයේ බීමතින් පොලිස්ථානය වෙත පැමිණ මෙම කාන්තාව පොලිස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයෙන් බැන වදිමින් කලහකාරී ලෙස හැසිරීලා.

එය වැළැක්වීමට පොලිස් නිලධාරියෙක් උත්සාහ ගත් අවස්ථාවේදී තමයි එම නිලධාරියාට පහර දී අත සපා කාලා තියෙන්නේ.

සපා කෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේදීම ගල්ගමුව රෝහලට ඇතුලත් කර තිබුණා.

ඒ අතරතුර තව දුරටත් කලහකාරී ලෙස හැසුරුණු එම කාන්තාව නවතාලීමට පොලිස්ථානයේ සේවයේ නියුතු පොලිස් කාන්තාවක් දැඩි පරිශ්‍රමයක් දරලා.

ඉන්පසුව සැකකාර කාන්තාව ගල්ගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා.

අදාළ කාන්තාව තමා අත්අඩංගුවට ගැනීම නිසා දිවි නසා ගන්නා බවට පොලිස්ථානය තුළ කෑ ගසමින් වැළපෙමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සැකකාරිය ඇද සිටි ඇදුම්ද ඉරා දමමින් බිත්තිවල හිස ගසා ගනිමින් ඉතාමත් අශෝබන ආකාරයෙන් හැසිරුණු බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් වූ කාන්තාව ගල්ගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණා.

සැකකාරියට වැළදුණු යම් රෝගී තත්ත්වයකට රක්ෂණ සමාගමක් වන්දි නොගෙවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පොලිස්ථානය වෙත ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් තමාට බැන සැමියා හා දරුවා බලා සිටියදීම තමාට පහර දී රෝහලට රැගෙන ගිය බවයි අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පවසලා තියෙන්නේ.

නමුත් පොලිසිය සඳහන් කරලා තියෙන්නේ අදාළ කාන්තාව පොලිසියේ රාජකාරී වැඩ වලට බාධාවන ආකාරයට හැසිරුණු බවයි.
Powered by Blogger.