Header Ads

අලුත් අවුරුදුදා පවුලේ සැම සමග ගත් ඡායාරූපය සිහිවටනයට තබා අවසන් ගමන ගිය තරුණ මෘදුකාංග ඉංජිනේරුවා

මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවකු වන කසුන් චාමිකට (29) මේ මහ මුහුද පාසල් සමයේ සිටම නුහුරු නුපුරුදු තැනක්ද නොවේ. කසුන් පසුගිය 14දා ඒ කුඩා කල සිටම සමීප ඒ මහ මුහුදට මිතුරකු සමග දිය නෑමට ගියේ මහ මුහුද තම ජීවිත උදුරා ගනීයැයි සිහිනෙකුදු නොසිතුනු නිසාය.

මාතර ඉසදින් නගරය මීරා පාර පදිංචි වෛද්‍ය ඩබ්ලිව්.ඒ.කේ.ධර්මදාස මහතාගේ පුතු වන කසුන් අවිවාහක තරුණයෙකි. ඔහු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් SLIITඋපාධිය හදාරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ප්‍රධාන පෙලේ මෘදුකාංග ආයතනයක සේවක කළ ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්ද වනවා.

ජනවාරි 01දා මව පියා සහ සොයුරා සහ සොයුරිය සමග ගත් පවුලේ ඡායාරූප තම ෆේස්බුක් ගිණුමේ පල කරමින් නව වසරට සුබ පැතූ කසුන් අවසන් සිහිවටනය ලෙස එම ඡායාරූපය දෙමාපියන්ට, සොයුරාට හා සොයුරියට ඉතිරිකර අවසන් ගමන් යනු ඇත.

Powered by Blogger.