Header Ads

රෙදි හෝදන්න බෑ කියූවිට පොල්ලකින් අම්මාගේ ඇඟිලි තලපු ගුණමකු පුත්‍රයා

හැත්තෑ හය හැවිරිදි මවට අමානුෂික ලෙස පහරදෙන විශ්‍රාමික හමුදා කෝප්‍රල් පුතාට විරුද්ධව මවගෙන් කඳාන පොලිස්‌ ස්‌ථානයට ඊයේ (27 දා) උදැසන පැමිණිල්ලක්‌ ලැබී ඇතැයි කඳාන පොලිසිය කියයි.

ශාන්ත සෙබස්‌තියන් මාවත, කඳාන පදිංචි ඇල්. ඇලිස්‌ සිල්වා නමැති මව විසින් කඳාන පොලිස්‌ ස්‌ථානයට යොමුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන පරිදි විවාහයෙන් වෙන්වූ තම එකම පුතා සමඟ ඇය ජීවත් වන බවත් 27දා උදැසන රෙදි සෝදන්න බෑ කියූ විට තම පුතා පොල්ලකින් තමාගේ ඇඟිලි තැලූ බවත් සඳහන් වේ. මීට පෙර ද ගහක බැඳ තමාට පහරදී තිබූ බව ද සඳහන් වේ.

ඇඟිලිවල තුවාල සහිතවම සිටි ඇය ප්‍රදේශවාසීන් විසින් කඳාන පොලිස්‌ ස්‌ථානයට රැගෙන ගොස්‌ පැමිණිල්ලක්‌ දමා ඇයට ප්‍රතිකාර ලබාදී තිබුණි.
Powered by Blogger.