Header Ads

වකුගඩු රෝගයෙන් මියයන අය අවම වන මඟක්

මොළේ මරණයට පත් වන පුද්ගලයින්ගේ වකුගඩු, පරිත්‍යාග කරන්නේ නම් වාර්ෂිකව වකුගඩු රෝගයෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව පවතින බව මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් 750 ත් 1000ත් අතර පිරිසක් මොළේ මරණයට පත් වන බවයි.

ඔවුන්ගේ වකුගඩු ක්‍රියාකාරී මට්ටමේ පවතින බැවින් ඒවා පරිත්‍යාග කරන්නේ නම් වකුගඩු රෝගීන් සඳහා බද්ධ කිරීමට හැකියාව පවතියි.

මේ පිළිබ‍ඳ ජනතාව නිරන්තරයෙන් දැනුවත්ව සිටිය යුතු බව වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.
Powered by Blogger.