Header Ads

මෑන්පවර් සේවකයින් ඇප මත මුදාහැරෙයි

විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් 37 දෙනා ඇප මත මුදාහැර තිබේ.

අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුණු බවට චෝදනා කරමින් ඊයේ (24) රාත්‍රීයේ මෙම පිරිස පොලීසිය විසින් අත්අංගුවට ගන්නා ලදී.

මෙම පිරිස අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදාහැර තිබේ.
Powered by Blogger.