Header Ads

දින හතයි..කළුබෝවිල රෝහලේදී අතුරුදන්වූ කේට් කුමරියගේ අත පැළඳි මුදුවේ මැණික් ගලේ මුල් හිමිකරු තවම නෑ

රත්නපුරයේ ප්‍රසිද්ධ මැණික්‌ ව්‍යාපාරික නිමල් පතිරණ කළුබෝවිල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් දස දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි කොහුවල පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළා.

එම පුද්ගලයන් අතර නිමල් පතිරණගේ පවුලේ අය, කළුබෝවිල රෝහලේ සේවකයෝ හා ඔහු නේවාසිකව සිටි වාට්‌ටුවේ රෝගීහු ද වනවා.

හදිසි රෝගී තත්ත්වයක්‌ මත පොල්හේන්ගොඩ පදිංචි දෙවැනි විවාහක බිරිඳගේ දියණියකගේ ස්‌වාමිපුරුෂයා විසින් නිමල් පතිරණ කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 20 වැනිදායි.

එසේ ඇතුළත් කර සිටි ඔහු පසුගිය 23 වැනිදා සිට අතුරුදන් වී ඇති බවට ඥතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණා.

කිසියම් අයකු විසින් මේ ව්‍යාපාරිකයා පැහැරගෙන ගියේද? එසේත් නොමැති නම් ඔහුව කිසියම් පිරිසක්‌ විසින් රැගෙන ගොස්‌ ඝාතනය කළේද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‌ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

“ඔබට ලැබෙන නිල්, රතු, වෛරෝඩි පසිංගල් ඇතුළු ඕනෑම මැණිකක් සඳහා ඉහළම මිලක් ලබා ගන්න නම්, නිමල් පතිරණ මහතා වෙත එන්න. නිමල් පතිරණ ජෙම් එක්ස්‍පෝටර්ස් බණ්ඩාරනායක මාවත රත්නපුර” යනුවෙන් හැත්තෑවේ අසූවේ දශකවල ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ඇසුන වෙළෙඳ දැන්වීමකින් කියවෙන්නේ මෙලෙස අතුදන්වූ නිමල් පතිරණයි.

ඩයනා චාල්ස් විවාහයටත් ඊට පසුව විලියම් කේට් විවාහයටත් යොදාගත් නිල් මැණිකක් අල්ලන ලද මුදුවේ සැබෑ හිමිකරු වන්නේ ද ඔහුයි.

ඔහු මිලදී ගත් විශාල මැණික් ගලක කොටසක් මොහු විසින් මහරැජිනට නොමිලේ ලබාදුන් අතර එය මේ වන විට පරම්පරාගත මුදුව බවට පත්ව තිබෙනවා.

දැන් එහි හිමිකරු වී ඇත්තේ කේට් කුමරියයි.
Powered by Blogger.