Header Ads

වැස්සත් සමග රත්නපුරේ ඉඩමකින් මහා මැණික් ඉල්ලමක් මතුවූ වේ – දහස් ගණන් ඉල්ලම් සොයා රොක්වේ

රත්නපුර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකින් පෙරේදා (25) වටිනා මැණික් ඉල්ලමක් මතුවී ඇති බවට වාර්තා පළ වනවා.

වියළි කාලගුණය අවසන් කරමින් මහ වැසි පතිත වීමත් සමඟ රත්නපුර ගෝණකුඹුර පිටකුඹුර ප්‍රදේශයේ ඉඩමකින් මෙලෙස මැණික් ඉල්ලම මතුව ඇති බවයි පැවසෙන්නේ.

මැණික් ඉල්ලම මතුවීමත් සමඟ ප්‍රදේශයේ හා වෙනත් ප්‍රදේශවලින් පැමිණි දහසකට අධික පිරිස් මැණික් ඉල්ලම් ගොඩදැමීමේ නිරතව සිටින අතර ලොරි හා ටිපර් රථවලින් පැමිණෙන පිරිස් මැණික් ඉල්ලම් ගොඩදමා ඒවා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු දැකගත හැකි බවද වාර්තා වනවා.

දිවා – රාත්‍රි දෙකේම විශාල පිරිසක් මැණික් ඉල්ලම් ගොඩදැමීමේ නිරතව සිටින අතර මෙම ස්ථානයෙන් හමුවන මැණික් මිලදී ගැනීම සඳහා මැණික් වෙළෙඳුන්ද විශාල වශයෙන් ගෝණකුඹුර ප්‍රදේශයට පැමිණෙන අයුරු දැකගත හැකි බව පැවසෙනවා.
Powered by Blogger.