Header Ads

ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර සැකසූ ස්ථානයක් වැටලේ

රත්නපුර , කොස්පැලවින්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර සකස් කරන ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

ව්‍යාජ වැලි ප්‍රවාහනය කරන බලපත්‍ර සකස් කළ ස්ථානය වැටලූ අවස්ථාවේ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එම ස්ථානයේ තිබී පරිගණක යන්ත්‍රයක් , ව්‍යාජ ලෙස සකස් කළ වැලි ප්‍රවාහන බලපත්‍ර 28ක් , ව්‍යාජ රබර් මුද්‍රා ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හැටක් වන කොස්පැලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
Powered by Blogger.