Header Ads

සයිටම් ගැන අධිකරණ තින්දුව අද

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවේ තීන්දුව අද (31) ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමේ අභිලාෂය ඇතිව එහි ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් කරමින්.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට එරෙහිව අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ නිහඬ විරෝධතාවක් පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රියාකාරී කමිටුව විසින්.
Powered by Blogger.