Header Ads

ශ්‍රමික අවබෝධතා ගිවිසුම අලුත් වේ

බහරේනය සහ ශ්‍රී ලංකාව අතර පැවති ශ්‍රමික අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට තීරණය කර ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

බහරේනයේ කම්කරු හා සමාජ සම්බන්ධතා අමාත්‍ය ජමීල් හුමයිදන් මහතා සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අතර අබුඩාඩි සංවාදය අතර තුර පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

බහරේනය සහ ශ්‍රී ලංකාව අතර පැවති අවබෝධතා ගිවිසුම මේ වන විට යල්පැන ඇති අතර එය යාවත්කාලීන කරගත යුතු බවට දෙරටේ අමාත්‍යවරුන් එකඟතාවකට එළඹ තිබේ.

ඒ අනුව ගිවිසුමේ අඩංගු අවම වැටුප පිළිබඳ තීරණය කිරීමටත් ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව තීරණ නව ගිවිසුම තුළින් සක්‍රීය කිරීමටත් එකඟ වී ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.
Powered by Blogger.