Header Ads

ඒකාබද්ධ විපක්ෂය අද නුගේගොඩින් පෙරළිය අරඹයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද(27) පැවැත්වෙයි.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී එම රැළිය පැවැත්වෙන බවයි.

මේ අතර එස්.බී නාවින්න අමාත්‍යවරයා පවසන්නේ ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු නුගේගොඩ අද පැවැත්වෙන රැළියට සහභාගී නොවන බවයි.

මෙම රැළිය සඳහා සෑම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුම සහභාගී විය යුතු බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීම අද පැවැත්වෙන රැළියේ අරමුණ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
Powered by Blogger.