Header Ads

අනතුරින් කත මරු දකියි

ජා ඇල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
Powered by Blogger.