Header Ads

කොළඹ කොටුවෙන් බදුලු යන්න ගිය දුම්රියක් බිය ගන්වා නතර කළ ප්‍රේමයට මාංචු

දුම්රියක සැක කටයුතු යමක් ඇති බවට පොලිසියට ඇමතුමක් ලබාදුන් තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙම තරුණිය කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
පසුගිය දෙසැම්බර් 26 වනදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට තරුණියක් විසින් ඇමතුමක් ලබාදී තිබුණා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ද කැඳවා පැය 2 කට ආසන්න කාලයක් එම දුම්රිය පරීක්ෂාවට ලක් කළා.

කෙසේ වෙතත්, සැකකටයුතු කිසිවක් දුම්රිය තුළ තිබී හමුවූයේ නැහැ.

ඉන් අනතුරුව පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණු තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සඳහා තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවටයි.

ඒ අනුවයි අද පෙරවරුවේ 18 හැවිරිදි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය කොටුව පොලිසිය වෙත කැඳවනු ලැබුවේ.

පසුගිය දෙසැම්බර් 26 වනදා අදාළ සිද්දිය වූ අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් දුම්රිය පරීක්ෂා කළ අයුරු පහතින්..

Powered by Blogger.