Header Ads

යතුරුපැදිය ගැටී පැදිකරු මරුට

යතුරුපැදියක් හා කැන්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කළ යතුරුපැදිකරු මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.

ඊයේ(16) රාත්‍රී 8.45 ට පමණ ආණමඩුව - හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ පල්ලම - සේරුකැලේ, අරසන්වැව පදිංචිව සිටි ජනිත් චතුරංග (අවු:17) නම් තරුණයෙකි.

අනතුරට පත් කැන්ටර් රථය පල්ලම දෙස සිට ආණමඩුව සෙට ගමන් කරමින් තිබී ඇති බවත්, එම අවස්ථාවේදී අතුරු මාර්ගයකින් පැමිණ ඇති යතුරු පැදිය ප්‍රධාන මාර්ගයට පිවිසෙන විට අනතුර සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා සිටි යතුරු පැදිකරු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.

අනතුරින් පසුව කැන්ටර් රථයේ රියදුරු පලා ගොස් ඇති බව සඳහන්ය.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Powered by Blogger.