Header Ads

කොස්තාපල්ට අල්ලස් දෙද්දී 1ක් අල්ලයි

හලාවත පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (26) වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 1000 ක මුදලක් සහ කෑම පාර්සලයක් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කිරීමේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - දැදුරුඔය ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ වැලි ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙකු බවද සඳහන්වේ.

සැකකරු සතුව තිබූ බව කියන ජංගම දුරකථන 02 ක්,රුපියල් 28,800 ක මුදලක් සහ ඔහු පැමිණි බව කියන යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු සහ ඔහුගේ සහෝදරයා විසින් සිදු කරන වැලි ජාවාරමකට සහාය ලබා ගැනීම සඳහා අල්ලස් ලබා දෙන බවට හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.
Powered by Blogger.