Header Ads

නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයෙක් අත්අඩංගුවට

පොළොන්නරුව, හබරණ ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයෙකු අනතුරට ලක් කර තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී පොළොන්නරුව හබරණ මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී අදාළ පොලිස් සැරයන්වරයා මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ලුතිනන් කමාන්ඩර්වරයෙකු වන අතර අපරික්ෂාකාරී රිය ධාවනය සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
Powered by Blogger.