Header Ads

කෝටි 11ක් අරන් පනින්න ගිහින් මාට්ටු

නීති විරෝධී ලෙස දේශීය හා විදේශීය මුදල් තොගයක් රටින් පිටමං කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්ව තිබේ.

රුපියල් කෝටි 11ට වැඩි මුදලක් මෙම සැකකරු විසින් ඩුබායි බලා රැගෙනයාමට උත්සාහ දරා ඇති බවත්, මොහු පිළිබඳ සැක සිතුණු රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් තොගය සොයාගත් බව ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපළ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් රේගු අධ්‍යක්ෂ රෝහිත උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්, මේ මොහොතේ විදේශ මුදල් රටින් පිටට ගෙනයාමට දරණ උත්සාහයක් ඇත්ද යන්න මෙම සිදුවීමෙන් සැක සිතෙන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම මුදල් ඩුබායි බලා ගෙනයාමට උත්සාහ දරා ඇති අතර ඔහුගේ මුදල් තොගය තුළ අමෙරිකානු ඩොලර්, යුරෝ, නෝර්වේජියානු ට්‍රෝනර්, ස්විස් ප්‍රෑන්ක්, සවුදි රියාල්, කටාර් රියාල් ආදිය තිබුණු බවත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඉදිරියේදී මෙම මුදල් රජයට බාරදීමට පියවර ගන්නා බව බස්නායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Powered by Blogger.