Header Ads

බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටී සිදුවුණු මාරක රිය අනතුර

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඔමාරගොල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඔවුන් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් තුවාලකරුවන් ගලේවෙල සහ ගොකරැල්ල ප්‍රාදේශීය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.


Powered by Blogger.