Header Ads

විරාත් කෝලිගේ පිත්ත එංගලන්තයට ක්‍රිකට් එපා කරවයි

ලෝකයටම ක්‍රිකට් කියා දුන් එංගලන්ත කණ්ඩායමට ඊයේ (15) දවසේදී ද ක්‍රිකට් එපාවන මට්ටමේ වැඩක් සිද්ධ වුණා.

ඒ ඉන්දීය කණ්ඩායමේ නායක මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ඔහුට අනගි සහායක් ලබාදුන් කිදර් ජාදේව් නිසා.

සංචාරක එංගලන්ත කණ්ඩායමයි ඉන්දීය කණ්ඩායම අතර මේ දවස්වල එක්දින ක්‍රිකට් තරාවලියක් පැවැත්වෙනවා.

මෙහි පළවැනිම තරගය ඊයේ පූනේ හිදි පැවැත් වුණා.

කාසියේ වාසිය දින්න ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙන්න එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 350ක් රැස්කළා.

ඉන්දීය කණ්ඩායමට මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මතුකරමින් පිළිතුරු ඉනිම ඉන්දීය කණ්ඩායම ආරම්භ කළා.

මුල් කඩුළු දෙකම අඩු ලකුණු සංඛ්‍යාවකට යද්දි ඊට පස්සේ ආපු නායක විරාත් කෝලි පන්දු 105කට ලකුණු 122ක් රැස් කළේ නිකන් නෙමෙයි හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් එක්කයි.

ඔහුට අනගි සහායක් ලබාදීපු කිදර් ජාදේව් ලකුණු 76කදි සුපිරි හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් එක්ක ලකුණු 120ක් රැස්කර ගන්න සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුළු 7ක් දැවී පන්දුවාර 48යි එක් පන්දුවකදි ලකුණු 356ක් රැස්කර ගනිමින් එංගලන්තයට ක්‍රිකට් එපා කරවන විදිහේ ජයග්‍රහණයක් සනිටුහන් කළා.

මේ තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් නරඹන්න….




Powered by Blogger.