Header Ads

දකුණු අප්‍රිකාව පැරදවූ සිංහයන්ව සුරේෂ් රයිනා ප්‍රසිද්ධියේ පච කරයි

‘ජයග්‍රහණයට පෙරාතුව සමරන්න එපා’ යැයි පවසමීන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස තරගය පිළිබඳ අදහස් දක්වමීන් ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩක සුරේෂ රයිනා උපහාසත්මක ටිව්ටර් පණිවිඩයක් සිය ගිණුමෙහි සටහන් කර තිබේ.

රයිනාගේ මෙම පණිවිඩය මගින් උපහාසයට ලක්ව ඇත්තේ ඊයේ (25දා) පැවති තරගයේදී අසේල ගුණරත්න අවසන් පන්දුවාරයේ ජයග්‍රණය සඳහා එල්ල කළ හතරේ පහරින් පසුව ඔහු තරගය ජයග්‍රහණය කළ බව සිතමින් විකට් කනුවක් ගලවා ඉවත් කිරීමේ සිදුවීමය.

කෙසේ වෙතත් ඒ අවස්ථාව වන විට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක් ලකුණක් ලබාගත යුතු වූ අතර එම ලකුණ සම්පුර්ණ කරමින් තරගය ජයග්‍රහණය කිරිමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එසේම රයිනා සිය ට්ටිටර් පණවිඩය මගින් අවධාරණය කර ඇත්තේ ශ්‍රි ලංකා පිතිකරුවෙකු බංග්ලාදේශ රඟ දැක්වීමක් කළ බවයි.

2016 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය හා ඉන්දීයාව අතර පැවැති තරගයකදී තරගය ජයග්‍රහණය කිරීමට පෙරාතුව බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම් සතුට සැමරීය.

එම තරගයේ අවසන් පන්දුවාරයේදී හතරේ පහර දෙකක් එල්ල කරමින් රහීම් බංග්ලාදේශය දෙසට තරගය ගෙන එමට සමත් විය.

නමුත් තරගය ජයග්‍රහණය කිරිමට බංග්ලදේශයට පන්දු තුනක් තුළ ලකුණු 2ක් රැස්කළ යුතු වුවත් ඔවුන් එම ඉලක්කය පසුකර යෑමට නොහැකිවිය.

මේ පිළිබඳවද තරගයෙන් පසුව ට්විටර් පණිවුඩයකින් රයිනා පැවැසුවේ ‘ජයග්‍රහණයට පෙරාතුව සමරන්න එපා’ යනුවෙනි.

කෙසේ වෙතත් ඊයේ (26) තරගයේදී සිදුවුයේ වෙනස් සිදුවීමක් වන අතර අසේල තරගය ජයගත්තා යැයි සිතමින් සතුට සැමරු අතර ඒ පිළිබඳව ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් රයිනා පවැසුවේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු බංග්ලාදේශ රඟදැක්විමක් කළ බවයි.
Powered by Blogger.