Header Ads

මේ රජය සිදු කළ කැපවීමේ ප්‍රතිඵලයක්

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්‍ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි වූ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයග්‍රහණයක් බවයි.

එමෙන්ම ඇඟළුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ තුළින් වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇති බවද අගමැතිවරයා පෙන්වා ‍දී තිබේ.

මේ හේතුවෙන් නව රැකියා අවස්ථා ගණනාවක් මෙන්ම නව ආදායම් මාර්ග රැසක්ද අප රට තුළ නිර්මාණය වනු ඇති බව ඒ මහතා පවසයි.

ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබා දුන් අය ද බොහෝමයක් ඇති බව පෙන්වා දුන් ඒ මහතා පවසා ඇත්තේ ඒ සියලු දෙනාට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාව කර ගන්නා බවයි.
Powered by Blogger.