Header Ads

අගමැති ස්විට්සර්ලන්තයට යයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) අලුයම ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියා. ඔහු සමග ගිය දූත පිරිස හත් දෙනෙක්.

අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන්නේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහායි.

ලෝක ආර්ථිකයේ නව ප‍්‍රවණතා පිළිබඳ මෙම සමුළුවේ දී විමසා බැලෙනු ඇති. රටවල් 40කට වැඩි ගණනක රාජ්‍ය නායකයින් ද ඊට සහභාගී වීමට නියමිතයි.

මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක ව්‍යවසායකයින් සමග සාකච්ඡා කිරීමට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අපේක්ෂා කරනවා.
Powered by Blogger.