Header Ads

පෙම්වතුන් යුවළක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙන අයුරු කැමරාවක සටහන් වෙයි

බටහිර ඕස්ට්‍රේලියාවේ - පර්ත් නුවර සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි ගමන් ගත් පෙම්වතුන් යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස කඩා වැටුණේ ජී - 73 දරන සැහැල්ලූ ගුවන් යානයක්. විදෙස් මාධ්‍ය වාර්තා කලේ අදාළ ගුවන් යානයේ කොටස් කිහිපයක් පර්ත් නගරයට නුදුරු ස්වාන් ගඟට කඩා වැටී ඇති බවයි. එම අවස්ථාව වන විට ස්වාන් ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගිනි කෙළි වලින් විචිත්‍ර වූ ඕස්ට්‍රේලියානු ජාතික දිනය සැමරීමේ උත්සවයක් සංවිධාන කර තිබුණත්, අනතුරෙන් පසුව එය නවතා දැමීමටයි සංවිධායකයන් තීරණය කළේ.

කෙසේ වෙතත්, යානය කඩා වැටීමෙන් සැමරුම් උත්සවයට සහභාගි වීමට පැමිණ සිටි කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.

Powered by Blogger.