Header Ads

මහ රෑ කරපු වැඩක් නිසා නියෝජ්‍ය ඇමති කෙනෙක් කකුලත් උලුක් කරගෙන

හරක් හොරුන් පස්සේ දුවපු නියෝජ්‍ය ඇමති කෙනෙක් ගැන පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙහෙම හරක් හොරු පස්සෙන් එළවලා තියෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම.

හරක් හොරු පස්සේ දුවපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ කකුලත් උලුක් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.

මස් කිරීම සඳහා ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් පිරිසක් සමග පසුගියදා කළුතර අලුත්ගම නගරයට ගොස් තිබෙනවා. එහිදී ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නවතාගෙන එහි රියදුරු ලොරි රථයෙන් පිටතට ඇද ඇති අතර තවත් පිරිසක් ලොරි රථයෙන් පැන පළාගොස් අැති බවයිවාර්තා වුණේ.

ඔවුන් පසුපස ලුහුබැඳ ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා අසල තිබූ කාණුවකට වැටී ඇති අතර කකුල උලුක් වී මේවන විට නිවසේ සිට ප්‍රතිකාර ගන්නා බවයි වාර්තාවන්නේ.


Powered by Blogger.