Header Ads

බ්‍රිතාන්‍ය රැජිණට මැණික් තෑගි දුන් නිමල් පතිරණ කන්න නැතුව මහ පාරේ අසරණ වෙයි

එලිසබත් මහ රැජිනට නිල් මැණිකක් තෑගි දී අතුරුදන්වූ මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ කළුබෝවිල රෝහල අසල පෙදෙසක ගිලන්ව ඇදවැටී සිටියදී හමුවී තිබෙනවා. පසුගිය 23 වැනි දින අතුරුදන්වූ නිමල් පතිරණ මහතා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක්ද යොදවා තිබුණා.

රෝහල් ගතවසිටියදී අතුරුදන්වූ ඔහුගේ මානසික තත්වය ව්‍යාකූල වීම නිසා සිහි මද ගතියෙන් රෝහලෙන් පිටවගොස් පාරවල් ගානේ ඇවිදිමින් සිටින්නට ඇති බවත් පසුව ආහාරයක් නොමැතිවීම නිසා ගිලන්ව ඇදවැටී ඇති බවටත් පොලිසිය විශ්වාස කරනවා.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ පසුගිය දින කිහිපයේම පාර අයිනේ වාඩිවී සිටි මොහු යාචකයෙකු බවට සැකකළ බවයි.

පාරේ සිහිසුන්ව ඇදවැටී ඇති ඔහු ගැන අසල්වාසීන් පොලිසියට දැනුම්දී ඇති අතර කොහුවල පොලිසිය විසින් පැමිණ සෝදිසි කිරීමේදී දැනගෙන තිබෙන්නේ මොහු නිමල් පතිරණ බවයි.

පසුව පවුලේ ඥාතීන්ට දැනුම්දීමෙන් පසුව නිමල් පතිරණ මහතාගේ දරුවන් විසින්ද ඔහුව හදුනාගෙන ඇති අතර පොලිසියට ප්‍රකාශයක්ද ලබාදුන් බව කොහුවල පොලිසිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

මේ වනවිට ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
Powered by Blogger.