Header Ads

කතුන් හා ළමුන්ගේ පිහිටට ඇප් එකක් හඳුන්වා දෙයි

කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටත් නීතිමය උපදෙස් දීමටත් ‍පොලීසිය ක්ෂණිකව සම්බන්ධකර ගැනීමටත් හැකි ආකාරයේ ජංගම දුරකථන ඇප් එකක් මෙම සතිය තුළ හඳුන්වා දීමට තීරණය වී තිබේ. කාන්තා පිහිට ආයතනය ඊට මුල්වී ක්‍රියා කරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය.

එම ඇප් එක ඇන්ඩේ‍රායිඩ් ජංගම දුරකථන ඔස්සේ බාගත හැකි බවත් දුරකථනය ක්‍රියාත්මක වන ස්ථානයේ සිට කිලෝමීටර් 10ක් ඇතුළත ඇති සියලුම ‍පොලිස් ස්ථානවල දුරකථන අංක පවා ස්වයංක්‍රියව පෙන්වන බවත් කාන්තා පිහිට ආයතනයේ දිල්රුක්ෂි අල්විස් සඳහන් කළාය.
Powered by Blogger.