Header Ads

හොරෙන් දුන්න ගේමක් cctv කැමරාවල සටහන්වෙයි

අම්පාර ප්‍රදේශයේ ආපන ශාලාවක් අසල රාත්‍රී කාලයේ නවතා තිබූ යතුරු පැදියක් සොරකම් කරන ආකාරය දැක්වෙන cctv දර්ශන පෙළක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

අම්පාර ඩී.එස් සේනානායක විදියේ පිහිටි ආපන ශාලාවක් අසල නවතා තිබූ යතුරු පැදියකුයි මෙලෙස සොරකම් කරගෙන ගොස් තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලීසිය මේවන විටත් උසාවි නියෝගයක් රැගෙන අසල පිහිටි නිවාස සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල ඇති cctv දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අම්පාර ප්‍රදේශයේ දී මේවන විට යතුරුපැදි හතරක් සොරකම් කර ඇති බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

Powered by Blogger.