Header Ads

මත්තල කාර්ය බහුලයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම සඳහා එහි ගුවන් ගමන් පසුගිය 6දා සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමෙන් ගුවන් ගමන් වාර 84 ක් ඊයේ(23) වනවිට ක්‍රියාත්මක වී තිබෙන බව මත්තල ගුවන් තොටුපොළ කළමනාකරු උපුල් කලන්සුරිය මහතා පවසයි .

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිජිං හා සැන්හයි ගමනාන්ත දෙකත්, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයත් ,ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයත් මේ වනවිට තම මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය ජනවාරි මස 06 සිට ඊයේ ගුවන් මගීන් 6275 ක් මෙම ගුවන්තොටුපොළ පරිහරණය කර තිබෙන බවත්, ඊයේ දිනයේදී ගුවන්තොටුපොළ පරිහරණය කරන ලද සංඛ්‍යාව 639 වූ බවද හෙතෙම පැවසීය .

එමෙන්ම මෙම ඉල්ලුමට සරිලන ආකාරයට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයත් ගුවන්තොටුපොළ තුළ අවශ්‍ය සියලු පහුසුකම්ද මේ වනවිට සම්පුර්ණ කර තිබෙන බවද ගුවන්තොටුපොළ කළමනාකරු පෙන්වා දී තිබේ.
Powered by Blogger.