Header Ads

දෛවය ලියූ ඔහුගේ ජිවිතේ ගීතයට ඇගෙන් ලැබුණු මිහිරි තාලයෙන් උපන් සිහිනය දින 21 ක් යන්නටත් පෙර අවසන් ගමන් යයි

එයත් හොඳින් බලාගෙන දරුවෙකුත් හදාගන ඉන්න එක තමයි බලාපොරොත්තුව..

මධුුරංග ජයරත්න කිව්වම කවුරුත් දන්න චරිතයක්. ඒ ඔහු මියුරු හඬින් ගීත ගායනා කරන නිසා.

උපතින්ම අත් දෙකත් පාදයකුත් අහිමි මධුරංග ගැන ඉස්සෙල්ලාම හිරු ගොසිප් තුලින් අපි ගෙනආවේ මධුරංග විවාහ දිවියට පත්වුණු ආරංචිය.

නොලැබීම් උරුම වෙලා තිබුණු මධුරංගගේ ජීවිතේට සහකාරියක් ලැබුණේ මුහුණුපොත හරහා.
සල්ලිවලට, ලස්සනට ආදරේ හිමිවෙන ලෝකේ මධුරංගගේ අහිමිදේ ගැන පුංචිම දෙයක්වත් නොහිතා එයාට ආදරේ කරන්න තරම් මේ තරුණිය හදවතින් පොහොසත් වුණා.

ඒ නිසාම ඒ සිද්ධිය ගැන අපි මධුරංගලගේ ගෙදරට ගිහින්ම ඔබට වාර්තා කළා.

එතනදි මධුරංගත් අනෝමා නිලන්තිත් අපිට කිව්වේ එයාලගේ මීළඟ සිහිනය වෙන්නේ දරු සම්පත කියලයි.

ආදරණීය යුවළකගේ ඒ සිහිනය පසුගිය දවසක සැබෑ වුණත් දවස් 21 ක් යන්නටත් කළින් ඒ හැමදේම බොඳ වෙලා ගිහින්.

ඒ තමයි මේ දෙන්නට ලැබුණු පුංචි දරු පැටියා පෙනහළු ආශ්‍රිත රෝගයක් නිසා ජීවිතේ දාලා ගිහින්.

අපිට අහිමි දේවල් එක්ක ජීවිතේට මුහුණ දෙද්දි මේ දෛවය කොයිතරම්නම් නැවත නැවතත් සරදම් කරනවද..?

සැබෑ වූ සිහිනය පුංචි කාලෙකින් බොඳවෙලා ගියාම මොනතරම්නම් දුකක් හිතේ ලැඟුම්ගන්නවද..?

මේ සංසාරේ මේ වගේ දුක්බර කතා ආයෙමත් නොඇසෙනවානම් කොයි තරම් දෙයක්ද.

මේ පුංචි දරු පැටියගේ අවසන් කටයුතු කූරුවාමුල්ල වතුරුගමදි අද සිදුකරන්න නියමිතයි.

මධුරංගගේත් නිලන්තිගේත් විවාහයෙන් පස්සේ එයාලගේ හැම සිහිනයක්ම ගැන කියූ, හිරු ගොසිප් ඔබ වෙත ගෙන ආ වීඩියෝව පහතින්..


Powered by Blogger.