Header Ads

හම්බන්තොට ගැටුමට තවත් 3ක් දැලට

හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ කලහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන් අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Powered by Blogger.