Header Ads

ඩාන්සින් තරුවක් වූ සුපිරි රුපවාහිනී නිවේදිකාව ‘කිරිබත්ගොඩ හොරකමේ ගොස් ‘ පොලිසියට කළ පාපොච්චාරණය මෙන්න

පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයට ඇතුළු වී කොල්ලකෑමක් සිදු කළ පුවත ඔබට මතක ඇති.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ පිරිස අතර තරුණ නිවේදිකාවක් ද වනවා.

පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට නිවේදන වෘත්තියෙන් එක්ව ඇති ඇය එම රූපවාහිනී නාළිකාවේම නර්තන තරගවලටද සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

ටෙලිනාට්‍ය කිහිපයක ද ඇය රඟපා තිබෙනවා.

සැකකාරිය ඉගෙනගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක වන අතර විද්‍යා අංශයෙන් උසස් පෙළ දක්වා ඉගෙනගත් ඇය ඉංග්‍රීසි විෂයට දක්ෂ සිසුවියක වූ බවයි පැවසෙන්නේ.

ගුවන් හමුදාවේ අයෙකු සමග විවාහ වී සිටි සැකකාරිය දරුවන් දෙදෙනකුගේ මවක් වූව ද සැකකාරියගේ විවාහ ජීවිතය කඩා වැටීම නිසා දරු දෙදෙනා ඇගේ මව භාරයට පත්ව තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වලදී ඇය මත් කුඩට ඇබ්බැහිවූ අයුරු ද හෙළි වූ බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

“මහත් වන නිසා තරබාරුව අඩුකරගන්න මම උත්සාහ කළා.එතකොට මගේ සමහර යාළුවෝ මත්කුඩු වර්ගයක නමක් කියලා ඒක ගත්තම ඇඟ කෙට්ටු වෙනවා කිව්වා. මම ඒ කතාව මගේ පෙම්වතාට කිව්වා. ඒ වෙලාවේ එයා තවත් මත්කුඩු වර්ගයක නමක් කියලා ඊට වඩා ඒක හොඳයි කිව්වා. එයා පාවිච්චි කරන්නේ ඒවා. ඉතින් මට ඒවා දුන්නා.”

දිනකට කුඩු ග්‍රෑම් 3ක් පමණ අවශ්‍යවන ඇයට ඒ සඳහා රුපියල් 30000ක පමණ මුදලක් උවමනා වන බවයි පැවසෙන්නේ.

එමෙන්ම පෙම්වතාට ද කුඩු පානයට ඇයට මුදල් සොයාදීමට සිදුව ඇති අතර මෙම සොරකම සිදු කර ඇත්තේ ඒ සඳහා මුදල් සොයා ගැනීමටයි.
Powered by Blogger.