Header Ads

ජූඩ් රොගන්ස් සමග ආක්ෂා සුදාරි මැතිවරණයට තරග කිරීමට සුදානම් !

ගායන ශිල්පී ජූඩ් රොගන්ස් සහ රංගන ශිල්පිනී ආක්ෂා සුදාරි මැතිවරණයට තරග කරන දර්ශන මාලාවක් මේ වන විට රූගත කිරීම සිදු වනවා.

ඒ ජූඩ් රොගන්ස්ගේ “ආත්මෙදි පතන්නෙ නෑ ” නවතම මියුසික් වීඩියෝව සඳහායි.

හරි ක්‍රියේෂන් සමග නිර්මාණය කෙරෙන මෙම ගීතයේ තේමාවට අනුව දෙදෙනා ආදරවන්තයින් වන අතර පසුව වෙනත් දේශපාලන පක්ෂ දෙකකින් මැතිවරණයට පිවිසෙනවා.

තවත් දින කිහිපයකින් මෙම මියුසික් වීඩියෝව එළිදක්වන බවයි ජූඩ් රොගන්ස් සඳහන් කළේ.

අදාළ වීඩියෝවේ කොටසක් සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.





Powered by Blogger.