Header Ads

සීමා උල්ලංඝණය කළ 4ක් රිමාන්ඩ්

මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මන්නාරම අතිරේක මහේස්ත්‍රාත් ආර්. හයෙස් ෆෙල්ඩානෝ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. මිරැන්ඩා මහතා පැවසුවේ මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් මසුන් අල්ලමින් සිටියදී ඊයේ(08) අළුයම අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු මෙලෙස බන්ධනාගාර ගත කළ බවයි.

තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ධීවරයින් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමෙන් අනතුරුව ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
Powered by Blogger.