Header Ads

පවුල් 370ට සින්නක්කර ඔප්පු ලැබෙයි

වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් පත් නොමැති පවුල් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කර තිබේ.

ඉඩම් හිමිකම් පත් නොමැති පවුල් 370ක් වෙනුවෙන් එම ඉඩම් ඔප්පු ලබාදීම ඊයේ (08) දින වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

වවුනියාව, කට්පහපුරම් ගම්මනයට නැවත පදිංචියට පැමිණ සිටියද ඉඩම් ඔප්පු නොමැති පවුල් වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කර තිබේ.

ඉඩම් හිමිපත් නොමැති උතුරු පළාතේ ජනතාවට කඩිනමින් ඉඩම් හිමිපත් ලබාදීමට රජය කටයුතු කරන බව එම අවස්ථාවට එක්වෙමින් කේ.කේ. මස්තාන් මහතා පැවසුවේය.
Powered by Blogger.