Header Ads

බසය ප්‍රපාතයට පෙරළී 25ට තුවාලයි

මහනුවර - කුරුණෑගල මාර්ගයේ, අක්කරවත්ත, උනපොතෙයාය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

බස් රථයක් පාරෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් ගලගෙදර රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් 15 දෙනෙකු මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද (24) උදෑසන පෙරවරු 6.45ට පමණ මහනුවර දෙස සිට ගලගෙදර අක්කරවත්ත ඇගළුම් ආයතනයට සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Powered by Blogger.