Header Ads

ත්‍රිරෝද රථ නව රෙගුලාසි අප්‍රේල් 1දා සිට ක්‍රියාත්මකයි

ත්‍රිරෝද රථ සඳහා නිකුත් කෙරෙන නව රෙගුලාසි එළඹෙන අප්‍රේල් 01දා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

අදාළ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරෙනු අතර එය ක්‍රියාත්මක වන කාලවකවානු එම ගැසට් නිවේදනයේ සඳහන් වූයේ නැත.

රජය විසින් අදාළ දිනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ත්‍රිරෝද රථ සඳහා නිකුත් කෙරෙන රෙගුලාසි අනුව කුලී පදනම මත ධාවනය කෙරෙන සෑම ත්‍රීරෝද රථයකම සියලු අවස්ථාවලදී ක්‍රියාත්මකව පවතින ‘‘ටැක්සි මීටරයක්‘‘ සවි කර තිබිය යුතුය.

එමෙන්ම සෑම ත්‍රීරෝද රථයකම රියදුරු අසුන පිටුපස රථයේ ලියාපදිංචි අංකය, රියදුරුගේ නම, ඔහුගේ ඡායාරූපයක් ආදිය ප්‍රදර්ශනය කළ යුතු බවට ද ගැසට් නිවේදනයේ සඳහන්ය.

කුලී ගමනක් යෑමේදී අවම කාලයකින් කෙටිම මාර්ගය ඔස්සේ ත්‍රීරෝද රථය ධාවනය කිරීමට රියදුරු වග බලා ගත යුතු බවට ද එහි සඳහන්වේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Powered by Blogger.