Header Ads

පළමු වසරේ සිසුවියකට වැසිකිළියක් තුළදි 11 වසරේ නින්ජා අයියලා දෙන්නෙක් කරපු කැත වැඩේ

පළමු වසරේ සිසුවියක වැසිකිළියේදී අපහරණය කළ සිසුන් දෙදෙනෙකු මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර සිසුන් දෙදෙනා 11 වසරේ එකම පංතියේ ඉගෙනුම ලබන දෙදෙනෙකු බවත් පාසලට ආසන්න නිවෙසක සිටියදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
අපහරණයට ලක්වූ සිසුවිය වැසිකිළියට යනු බලා සිට නින්ජා වෙස් ගෙන එහි ගිය සැකකාර සිසුන් දෙදෙනා විසින්ම සිසුවිය අපහරණයට ලක් කර ඇති බවත් පොලිසිය පවසයි.

ඒ බව සිසුවිය මවට පැවසීමෙන් පසු ඇය රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.

සිසුවිය නැවත පාසල් පැමිණි අවස්ථාවේදී ක්‍රීඩාංගණයේ මෙම සිසුන් දෙදෙනා සිටිනු දැක ඇති බව තම ගුරුතුමියට පවසා ඇති බවත් පොලිසියට ලද තොරතුරක් මත පාසලට ගොස් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළත් විදුල්පති එය වැලැක්වූ බවත් ඒ අනුව සිසුන් දෙදෙනා සැඟවී සිටියදි මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

Powered by Blogger.