Header Ads

විද්‍යාවට තැන දුන්නු හොදම පාසල් 10ක්

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලයන්ට අනුව මෙවර විද්‍යා විෂය ධාරාවේ ඉහළ සාධනීය මට්ටමක් සහිත පාසල් 10 අතරට යාපනය දිස්ත‍්‍රික්කයේ පාසල් 2 ක් පැමිණ ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව,

විශාඛා බාලිකා විදුහල, කොළඹ
දේවි බාලිකා විදුහල, කොළඹ
මෙතෝදිස්ත විදුහල, කොළඹ
ශාන්ත තෝමස් විදුහල, ගල්කිස්ස
මියුසියස් විදුහල, කොළඹ
වෙම්බඩි කාන්තා උසස් විදුහල, යාපනය
රාජකීය විදුහල, කොළඹ
ආනන්ද විදුහල, කොළඹ
සහිරා විදුහල, ත‍්‍රිකුණාමලය
හාටිලි විදුහල, පේදුරුතුඩුව වශයෙන් වාර්තා වෙයි.

පසුගිය (2016) අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්‍ෂකයින් 3,15,605 ක් පෙනී සිටි බවත්, ඔවුන් අතරින් සිසුන් 30,000 ක් පමණ විද්‍යා විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දුන් බවත්, විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර සිටියේ ය.

මේ පිළිබඳ අප කළ විමසීමේ දී විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ ප‍්‍රතිඵල අනුව සිදු කෙරෙන සාධනීය පාසල් ගණනය කිරීම් තව දුරටත් සිදු වෙමින් පවතින් බවයි.

ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා දිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Powered by Blogger.